News

නිලධාරිනියට පහර දුන් ඉංජිනේරුවාට ඇප

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ, උඩුගම්පොළ කාර්යාලයේ කළමනාකරණ සහකාර නිලධාරිනියකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ප්‍රධාන ඉන්ජිනේරුවරයා ඇපමත මුදා හැර තිබේ.

ඔහු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(25) පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ඔහු මුදා හැර තිබේ.

දුරකතන අංකයක් ලබාදීමට ප්‍රමාද වූ බව කියමින් තමන්ට බැණ වැදුණු බවත් පසුව මෙලෙස පහරදුන් බවට එම නිලධාරිනිය චෝදනා කරන අතර පහරදීමට අදාළ දර්ශන අදාළ සේවිකාව විසින් වීඩියෝගත කර සමාජ මාධ්‍යයට මුදා හැර ඇත.