නිවසක තිබී මල සිරුරු දෙකක් සොයා ගනී
මිනුවන්ගොඩ – ඕපාත ප්‍රදේශයේ නිවසක තිබී මෘත ශරීර දෙකක් පොලිසිය සොයාගෙන තිබේ.
පෞද්ගලික ආරවුලක් දුරදිගයාම හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කර ඔහුද ගෙල වැළලාගෙන සිය දිවි නසා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කලේය.
කාන්තාව සිය සැමියා සමග ඇතිවූ ආරවුලකින් පසුව දියණියන් දෙදෙනා සමග මවගේ නිවසට ගොස් සිට ඇති අතර අදාළ සැමියා එම නිවසට ගොස් සිය බිරිඳ පමණක් කැඳවාගෙන මිනුවන්ගොඩ – ඕපාත ප්‍රදේශයේ පිහිටි මෙම නිවස වෙත පැමිණ ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත.
ඝාතනය සිදුකළ ස්වාමි පුරුෂයාගේ වයස අවුරුදු 45 ක් වන අතර බිරිඳගේ වයස අවුරුදු 37 ක් වේ.
මිනුවන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලබයි.
