නිවෙස්වලම මියයන පුද්ගලයන් සම්බන්ධයෙන් කළ ඉල්ලීම
නිවෙස් වලදී මියයන පුද්ගලයන්ගේ සිරුරු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ‘සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය වෘත්තිකයන්ට මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරනවා.
සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ මියගිය පුද්ගලයන්ගේ සිරුරු සඳහා PCR පරීක්ෂණ සිදුකිරීම වඩාත් යෝග්‍ය බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ” සමහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ප්‍රායෝගික ගැටලු ගණනාවක් මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම නිවාස ආශ්‍රිතව මරණයක් සිදුවුණාට පස්සේ PCR එක කරන විදිහ, PCR වාර්තාව එනකම් මෘතදේහය තබා ගන්න විදිහ. මේ වගේ ගැටලු ගණනාවක් තියෙනවා. කොවිඩ් මෘතදේහ හරහා රෝගය ව්‍යාප්ත වෙන එකත් පාලනය කරගෙන අපි ඉස්සරහට යන්න අවශ්‍යයි ”
