නීතිවිරෝධී වියළි කහ තොගයක් සොයාගනී
නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද වියළි කහ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වියළි කහ කිලෝ 1379යි ග්‍රෑම් 960ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ (07) මන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට එම කහ තොගය ධීවර බෝට්ටු තුළ සඟවා තලෙයිමන්නාරම හා මන්නාරම ප්‍රදේශයට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.
මන්නාරම උප්පුකුලම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් ලුණු විකිණීමට රැගෙන යන මුවාවෙන් එම කහ තොගය මීගමුව ප්‍රදේශයට රැගෙනයමින් සිටිය දී පොලීසියට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අත්අඩංගුවටගෙන ඇත.
