News

නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 34ක් දිවයිනට

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 34දෙනෙකු අද (16) විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙනවිත් තිබේ.

අප වාර්තාකරු සදහන් කළේ හිමාලයා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මොවුන් පිරිස දිවයිනට පැමිණි බවයි.

මෙම පිරිස අතරින් වැඩිදෙනෙක් නේපාලයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා එරටට ගොස් සිටි බව සදහන්.

ඔවුන් පිරිස කටුනායක ගුවන් තොටුපලේදී පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර තිබේ.