නොම්මරෙත් එක්ක ඩයලොග් තනිවෙයි
පසුගිය දිනෙක මහත් කතාබහට ලක්වූ මාතෘකාවක් වූ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කල සිම් අංකය වෙනස් නොකර සේවා සමාගම වෙනස් කිරීමේ ක්‍රමවේදය පාරිභෝගිකයාට අයිතිය ලබාදීමට ඩයලොග් සමාගම සිය කැමැත්ත ප්‍රකාශ කර ඇත.
මේවන විටත් ලෝකයේ වෙනත් රටවල් පාරිභෝගිකයන්ට භාවිතයට දී ඇති පහසුකමක් බව සහ නව්‍යකරණ වූ විදුලි සංදේශ වෙළඳ පොළක ලක්ෂණයක් බව සමාගම සඳහන් කරයි.
Number portability (NP) පහසුකම ලබාදීම ගැන 2008 වසරේ ජුලි මස මෙම යෝජනා කළ බවත් සමාගම සඳහන් කරයි. මෙමගින් විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍රගතියට හේතුවන බවත් සමස්තයක් ලෙස සියලුම සේවා සම්පාදකයින්ට සහ පාරිභෝගිකයින්ට ලැබෙන බවත් පැවසෙනවා.
