News

නෞකා අනතුරින් ඉන්දීය සාගරයට තෙල් කාන්දුවෙයි

ඉන්දීය සාගරයේ මොරිෂස් දිවයින අසළ ගිලෙමින් පවතින ජපාන තෙල් නෞකාවකින් තෙල් ටොන් දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට ඉන්දීය සාගරයට එක්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

තෙල් ටොන් 4000ක් රැගත් වකෂියෝ නැමති මෙම තෙල් නෞකාව පසුගිය ජුලි 25 වන දා සිට ගිලෙමින් පවතින අතර මෙම තෙල් නෞකාවෙන් ඉන්ධන ඉවත් කර ගැනීමට මොරිෂස් බලධාරීන් කටයුතු කළ ද ඊට අයහපත් කාලගුණයෙන් බාධා පැමිණ ඇති බව වාර්ථා වෙයි.

ඊයේ දිනයේදී තෙල් ටොන් 500ක් පමණ ඉවත් කර ගැනීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය ප්‍රවින්ද් ජග්නාත් සඳහන් කරයි.

නෞකාව දෙකඩ වෙමින් පවතින අතර, එයින් තෙල් කාන්දුවීමෙන්, සංචාරක ව්‍යාපාරය කේන්ද්‍ර කොට ගත් මොරිෂස් දිවයින දැවැන්ත සමුද්‍ර දූෂණයකට මුහුණ දෙන බවත් නෞකාව අයත් ජපාන සමාගම විසින් හෙලිකොප්ටර් යොදා තවත් නෞකාවකට ඉන්ධන ඉවත් කර ගැනීම ද සිදුකෙරෙන බවත් විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.