පක්ෂග්රාහී පොලිස් නිලධාරීන් ගැන රහසිගතව සොයයි
මෙවර මහ මැතිවරණයේදී දේශපාලන පක්ෂවලට පක්ෂග්රාහි ලෙස උදව් උපකාර කරන පොලිස් නිලධාරීන් ගැන රහසිගතව සොයා බැලීමට වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අනාවරණය කළේය.
දේශපාලන පක්ෂ හා දේශපාලන අපේක්ෂකයන්ට පක්ෂග්රාහීව කටයුතු කිරීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය මීට පෙර දැනුම් දී තිබිණි.
එම නියෝග නොතකා ක්‍රියාත්මක වන නිලධාරීන් සම්බන්ධව සොයා බැලීමටත්, එම නිලධාරීන්ට එරෙහිව විමර්ශන කිරීමටත් ඉදිරියේදී කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ නිලධාරියා අනාවරණය කළේය.
පොලිස් නිලධාරීන් පක්ෂග්රාහීව කටයුතු කරන බවට දේශපාලනඥයන්ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි මෙන්ම පොලිස් ස්ථානාධිපතිවරුන් මාරුකරන ලෙසට බලපෑම් එල්ලවන බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය.
තිස්ස රවින්ද්‍ර පෙරේරා
