පන්නලදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මරුට – 9 කට තුවාල
පන්නල නගරයේ අද අලුයම සිදු වූ අනතුරකින් බස් රථ රියදුරෙකු මියගොස් ගුවන් හමුදා සාමාජිකයින් 9 දෙනෙකු සුළු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ ගුවන් හමුදා සාමාජිකයින් රැගෙන ගිය බස් රථයක් හා ඇඟලුම් කම්හලේ සේවිකාවන් ප්රවාහනය කරමින් තිබු බස් රථයක් අනතුරට ලක්වූ බවයි.
අනතුරින් මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ ඇඟලුම් කම්හලේ සේවිකාවන් ප්රවාහනය කරමින් තිබු බස් රථයේ රියදුරු බව පොලීසිය පැවසීය.
ඔහු දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර තුවාල ලැබූ ගුවන් හමුදා සාමාජිකයින් 9 දෙනා දඹදෙණිය සහ සදලංකාව රෝහල්වලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.
