News

පන්නල කොරෝනා ආසාදිතයන් 20ක් සොයාගෙන

පන්නල මහජන සෞඛ්‍ය කාර්යාල බල ප්‍රදේශය තුළ ඊයේ (22 වැනිදා) දින වන විට ​කොරෝනා ආසාදිත රෝගීන් 20 දෙනකු හමු වී ඇතැයි එම කාර්යාලය පවසයි.

එමෙන්ම 300 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇත. එහි ප්‍රතිඵල වාර්තා 24 වැනි දින වන විට ලැබීමට නියමිතය.

මේ වන විට පන්නල ප්‍රදේශයේ නිවාස 125ක් පමණ නිරෝධායනය කිරීම සඳහා යොමු කර ඇත. පන්නල පොලිස් බල ප්‍රදේශය පුරා කොරෝනා ඇඳිරිනීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පන්නල පොලිසිය කටයුතු කරමින් සිටී.

ඒ අනුව වෙනදාට ජනාකීර්ණ පන්නල නගරයේ වට රවුම පාළුවට ගොස් ඇති අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ.

සරත් විජේසූරිය – පන්නල