News

පස්සර නමුණුකුල කන්දේ හදිසි ගින්නක්

පස්සර නමුණුකුල කදු පාමුල ගොනකැළේ රක්ෂිතයේ හටගත් හදිසි ගින්නකින් අක්කරයක පමණ ප්‍රදේශයක් මේ වන විට  මුළුමනින්ම ගින්නෙන් දැවී ගොස් ඇති බව දේශවාසීන් පවසති.

සෑම වසරකම පාහේ මේ කාල වලදී ගිනි ගැනීම් සිදුවන බවත් ගිනි ගැනීමෙන් අක්කර විශාල ප්‍රමාණයක් ගින්නට හසුවී වනයේ යටි රෝපනය වන මානම් ඉලුක් ඇතුලු ශාක විනාශ වී යන බව ද කියති.

මේ දින වල ප්‍රදේශයට පවතින අධික සුලං තත්වය හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිරී යන බවත් අවට ගම්වාසීන් පවසති.

මේ වන විට කිසිම පුද්ගලයකු හෝ පැමිණ ගින්න නිවීමට කටයුතු කර නොමැත බවද ඔවුන් පවසති.

අමිල ක්‍රිෂාන්ත – පස්සර