News

ප්‍රංශයේ කතෝලික දේවස්ථානයකට අන්තවාදි ප්‍රහාරයක්

ප්‍රංශයේ නීස් නගරයේ පිහිටි ප්‍රධාන කතෝලික දේවස්ථානයක් අසළදී ආගමික අන්තවාදියෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම් කිහිපයක් සිදුකර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පිහි ඇණුම් ප්‍රහාරයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එම ආගමික අන්තවාදියා විසින් එක් කාන්තාවකගේ ගෙළ කපා තිබේ.

අනෙක් පුද්ගලයින් දෙදෙනාට ද තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු එම දේවස්ථානයේ සේවකයෙකු වේ.

සැකකරු ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.