News

ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ මි.මී. 200 ඉක්මව වූ තද වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 200 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මෙම වැසි තත්ත්වය අපේක්ෂා කරන බවයි.

එමෙන්ම දිවයින හරහා සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

අද පෙරවරු 08.30න් අවසන් වූ පැය 24 තුළ මිලිමිටර් 193.3ක් වූ වැඩිම වර්ෂාපතනය රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, දූලිඇල්ල, දෙල්ලව, බෝගොඩ, ඕපාත, මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය, අන්දරදෙණිය සහ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට යන ප්‍රදේශවලින් ද මිලිමිටර් 100 ඉක්මවූ වර්ෂාපතන අගයන් වාර්තා වී ඇත.