News

ප්‍රදේශ කිහිපයකට හෙරොයින් ඛෙදාහැරි දෙදෙනෙක් අත්අඩංගුවට

බත්තරමුල්ල තලංගම කඩුවෙල ප්‍රදේශවල හෙරොයින් හා අයිස් නැමති මත්ද්‍රව්‍ය ඛෙදාහැරිමේ නිරත වු සැකකරුවන් දෙදෙනෙකු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි 20 හා 40 හැවිරිදි වියෙහි පසුවෙති.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 50 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 ක් ජංගම දුරකතන 4 ක්. විද්්‍යුත් තරාදි 2 ක්. රුපියල් විසිදහසක මුදල් සහ මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරිමට යොදා ගන්නා ඇසුරුම් රැසක් ද සොයාගෙත් බව පොලිසිය පවසයි.

ඔවුනගෙන් අයෙකු විධායක ශ්‍රේණියේ නිරතව ඇති බවට ද කරුණු අනාවරණය වී ඇත.

තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි

හේමන්ත ලියනපතිරණ