ප්‍රදේශ කිහිපයට අදත් මි.මී. 75කට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු මැද හා මධ්‍යම පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර, ගිඟුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
