පාකිස්ථානයේ කොරෝනා සීග්‍රයෙන් ව්යාපත්වෙයි
කොවිඩ්-19 ව්‍යාප්තියත් සමග රටවල් 188කින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව හාරලක්ෂ අසූදහස ඉක්මවා තිබේ.
මේ වන විට ලොව පුරා වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 93ක් වන අතර, ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වේ.
ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 9,266,021ක්.
එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 121,225ක් බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ඇමෙරිකාවට පසුව වැඩිම මරණ බ්‍රසීලයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 52,645ක්.
බ්‍රිතාන්‍යයෙන් මරණ 43,011ක්, ඉතාලියෙන් මරණ 34,675ක්, ප්‍රංශයෙන් මරණ 29,723ක් සහ ස්පාඤ්ඤයෙන් මරණ 28,325ක් වාර්තා වේ.
බ්‍රසීලයට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් රුසියාවෙන් වාර්තා වේ.
එම සංඛ්‍යාව 598,878ක්.
ඉන්දියාවෙන් ආසාදිතයින් 456,183ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 307,682ක් සහ පේරු රාජ්‍යයෙන් ආසාදිතයින් 260,810ක් ලෙස වාර්තා වේ.
මේ අතර පාකිස්ථානයෙන් ද මේ වන විට කොවිඩ්-19 වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්තවෙමින් තිබේ.
ආසාදිතයින් 188,926ක් සහ මරණ 3,755ක් පාකිස්ථානයෙන් වාර්තා වේ.
