පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්
මෙවර 09 වන පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරනවා.
ලබන 25 සහ 26 යන දෙදින තුළ පැවැත්වෙන මෙම වැඩමුළුවේ දී පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙය සංවිධානය කරන බවයි සඳහන් කරන්නේ. මේ බව මහ ලේකම් වරයාගේ නිවේදනයේ සඳහන් වනවා.
වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වනවා. එමෙන්ම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ද ඊට සහභාගී වීමට නියමිතයි.
25 සහ 26 යන දිනයන් දෙකෙහි උදැසන 9.00 සිට සවස 6.00 දක්වා පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 01 දී පැවැත්වීමට සුදානම් කර තිබෙනවා.
