News

පාර්ලිමේන්තු සැසිවාරයට බෝට්ටුවෙන් ආ මධුර

කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් මධුර විතානගේ මහතා අද දින (20) උදේ බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඇත.

එමෙන්ම පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් බෝට්ටුවකින් පැමිණ, ගමන් කල පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

මෙවර මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රක්කයෙන් අට වන ස්ථානය ලබාගත්තේ මොහුයි . ඒ මනාප 70,205ක් හිමි කර ගනිමින්. එමෙන්ම අද ඔහුගේ පළමු පාර්ලිමේන්තු සැසිවාර දිනය යි.