News

පාසල් ඇරීමට පෙර ඩෙංගු නසන්න

පාසල් යළි විවෘත කිරීමට ප්‍රථම ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

කොවිඩ් 19 වෛරසය පැතිරීම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් පාසල් වසා තැබීම හේතුවෙන් මදුරු කීටයන් වැඩි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. දිවයින පුරා ඉදිකිරීම් කලාප රැසක ඩෙංගු මදුරු කීටයන් හමු වී ඇත. මෙම වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් දහනවදහස් දෙසිය හතළිස් හතරක් හමු වී තිබේ. මැයි මාසයේ ගත වූ සති දෙකට ඩෙංගු රෝගීන් දෙසිය හැත්තෑ දෙකක් හමු වී තිබේ. වැඩිම රෝගීන් හමු වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. දිස්ත්‍රික්ක 11කින් ඩෙංගු රෝගීන් බහුල වශයෙන් හමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.

උදයජීව ඒකනායක