News

පාසැල් ළමුන්ට ඉගැන්වීම් කෙරෙන්නේ මෙහෙමයි

3වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා පාසැල් දරුවන්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කර විකාශය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැළසුම් කර තිබේ.

ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල සහයෝගය ඇතිව අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් විකාශය කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත්කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය නැවත රට තුළ මතුවීම හේතුවෙන් නියමිත පරිදි පාසල් ආරම්භකිරීම ප්‍රායෝගික නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.