News

පැණිය හදන්න විමල්ගෙන් ධම්මිකට යන්ත්‍රයක්

කොවිඩ් 19 සඳහා දේශීය පැණිය හඳුන්වාදුන් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට කර්මාන්ත අමාත්‍යාංශය මගින් මහ පරිමාණ ඇබරුම් යන්ත්‍රයක් ලබාදී තිබේ. කර්මාන්ත ඇමැති විමල් වීරවංශගේ මගපෙන්වීම මත කර්මාන්ත හා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් විසින් ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගොස් මෙම ඇඹරුම් යන්ත්‍රය ලබාදී තිබේ.

ඔහු සඳහන් කළේ ඇමැති විමල් වීරවංශ දුරකථන ඇමැතුමක් ලබාදුන් අවස්ථාවේදී තමාට ඇඹරුම් යන්ත්‍රයක් අවශ්‍ය බව පැවැසීමෙන් අනතුරුව ඇමැතිවරයා විසින් මෙම ඇඹරුම් යන්ත්‍රය ලබා දුන් බවයි.

වරුණි පෙරමුණ