News

පැය 6 ක් තුළ ඇඳිරි නීතිය කැඩූ 173ක් අත්අඩංගුවට

ඊයේ (29) රාත්‍රී 10.00 සිට අද අලුයම 4.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 173 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ගතවූ පැය 5ක කාලය තුළ වාහන 53 ක් ද සිය භාරයට ගත් බවයි.

පසුගිය මාර්තු 20 වැනිදා සිට අද අලුයම 4 දක්වා කාලය තුළ පුද්ගලයින් 66 835 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගෙන තිබේ.

එම කාලය තුළ පොලීසිය භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 18831 කි.