පැල්මඩුල්ලේ 37ක් නිරෝධායනය සඳහා දියතලා කඳවුරට
පැල්මඩුල්ල සහ ඒ අවට ප්‍රදේශවල පුද්ගලයන් 37 දෙනෙකු දියතලාව හමුදා කඳවුරට නිරෝධායනය සඳහා ගෙනගොස් ඇත.
පැල්මඩුල්ලේ පදිංචිකරුවෙක් වන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු එහි පැමිණීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයන් මෙසේ නිරෝධයන සඳහා යොමු කර ඇත.
පැල්මඩුල්ලේ පිහිටි මෙම නිලධාරියාගේ නිවසේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙසේ ගෙන ගොස් ඇති අතර වුන් සියලු දෙනාම කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කර තිබේ.
ආසාදිතයා විසින් බඩු භාණ්ඩ මිලදී ගත් ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලක්ද තාවකාලිකව වසා දමා ඇත.
