පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණය හෙට සිට යළි විවෘතයි
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණය මෙහෙයුම් කටයුතු සදහා හෙට (16) සිට නැවත විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංහ විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට යටත්ව සීමිත තොග වෙළද කටයුතු සදහා මෙලෙස මත්ස්‍ය වෙළෙ සංකීර්ණය නැවත විවෘත කෙරෙනු ඇත.
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දැමුනු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණය සෞඛය අමාත්‍යංශය වෙතින් ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව පූර්ණ නවීකරණයන් සිදුකර තොග හා සිල්ලර මෙහෙයුම් කටයුතු සදහා විවෘතකරන තෙක් ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම පරිදි තොග වෙළදාම සදහා පමණක් නැවත විවෘත කිරීමට අමාත්‍යංශය තීරණය කර ඇත.
