පිටිපන ගිනිඅවි සැකකරුගේ හොර අඹුවගේ ගෙදර තව අවි
හෝමාගම පිටිපන ප්‍රදේශයේ වෙළෙදසැලක තිබී ගිනි අවි 12ක් සොයාගත් ව්‍යාපාරිකයාගේ අනියම් බිරියගේ නිවසේ තිබී අත්බෝම්බ 6, මිලිමීටර් 9 උණ්ඩ 72ක්, පතොරම් තුවක්කුවක්, වෙඩි නොවදින බොඩි ආමර් දෙකක් ්ගම පොලීසිය විසින් සොයාගෙන ඇත.
බස්නහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත හෝමාගම පොලීසිය පිටිපන සිල්වන්හර්ට් වත්ත 4 වන පටුමගේ නිවසක් පරීක්ෂා කර මෙම උපකරණ සොයාගෙන ඇත.
මෙම සැකකාරිය අනියම් සබදතා පැවැත් වූ ව්‍යාපාරිකයා ඇතුළු 8දෙනෙකු දැනට රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන්නේ කොස්ගොඩ තාරකගේ කල්ලියට අයත් ගගන විසින් සගවා තබන්නට දුන් ටී 56 ගිනි අවි 12ක සිද්ධියකටය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
