News

පිරිමි පාර්ශවය සිය දිවි නසා ගැනීමේ වැඩි නැඹුරුවක්

 

පවතින රැකියා විරහිතභාවය හා ආර්ථික අර්බුද හේතුවෙන් මෙරට පුද්ගලයින් විශාල පිරිසක් සියදිවි නසාගන්නා බවට කරුණු සොයා ගෙන ඇත. මේ සඳහා කරුණු වශයෙන් ආර්ථික හා රැකියා අර්බුධ වැඩ වශයෙන් බලපා ඇත.

මේ වසරේ (2020) මේ දක්වා මෙරට පුද්ගලයින් 779ක් දිවි හානි කරගෙන ඇත. දිවි අසාගත් අය 779 දෙනා අතරින් 635 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන ඉතුරු 144 කාන්තාවන් වේ.

සුමිත්‍රයෝ සංවිධානය සිදුකළ නවතම සමික්ෂණ වාර්තාවට අනුව තොරතුරු අනාවරනය කර ගෙන ඇත.

රැකියාවේ අනාරක්ෂිතභාවය, පවුල හා සම්බන්ධ අවශ්‍යතාවන් සපුරාගැනීමට නොහැකි වීම, ණය ගැනීම් මත පදනම් වු පිඩනය හේතුවෙන් සිදුකර ගත් සියදිවි නසා ගැනීම් ඉහළ මට්ටමක පවතින බව එම සමීකෂණයෙන් අනාවරණය වී ඇත.

කාන්තාවන් වැඩි පිරිසක් ගෘහස්ත හිංසනය හේතුවෙන් හටගන්නා මානසික පීඩනයන් නිසා සියදිවි නසා ගැනීමට පෙළඹි ඇති බව ද සොයා ගෙන ඇත.

අනුරාධපුර, වව්නියාව, මොනරාගල ඇතුළු ග්‍රාමීය ප්‍රදේශවල අඩු අදායම් ලාභි පවුල් ආශ්‍රිතව, සමස්ථ සියදිවි නසාගැනීම්වලින් වැඩි පිරිසක් සිදුව තිබේ.

මත්ද්‍රව්‍ය හා කාර්යය බහුල ජිවිතය තුළ එකිනෙකාගේ කෙරෙහි දක්වන අවධානය, තේරුම් ගැනීම ගිලිහි යාමේ මෙම අවාසනාවන්ත තත්ත්වයට හේතු වී ඇති ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය සඳහන්කරනවා.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ මහතා පැවසුවේ පුද්ගලයෙකුට ඇති වන මානසික පීඩනය මරණයකින් කෙළවර වීම ‘සහසම්බන්ධතා’ ප්‍රගුණ කරන සමාජයකට නැවැත්විය හැකි බවයි.