News

පිළිමතලාවේ ඇඟලුම් කම්හලක සේවිකාවන්ට කොවිඩ්

 

 

පිළිමතලාව නගරයේ ඇඟලුම් හලක සේවිකාවන් 5 දෙනෙකුගේ අහඹු ලෙස කල පී සි ආර් පරික්ෂනයකදි ඉන් දෙදෙනෙකු කෝවිඩ් 19 වෛරසය ආසාදිනය වි ඇති බව තහවුරු වු බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පැවසිය.

එම ඇඟලුම් ආයතනයේ 45 ක් පමන සේවයේ නියුතු වන අතර සේවිකාවන් කිහිප දෙනෙකුට සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගාබාධ තත්වයන් මතුවි ඇති බව සෞඛ්‍ය අංශ වලට පැවසිමෙන් පසු සෞඛ්‍ය අංශ විසින් අහඹු ලෙස මෙම සේවිකාවන් 5 දෙනෙකුගේ පි සි ආර් පරික්ෂන සිදුකර ඇති බවද අධ්‍යක්ෂවරයා පැවැසිය.

කෝවිඩ් වෛරසය ආසාධනය වි ඇති රෝගින් දෙදෙනා ප්‍රථිකාර සදහා යොමු කිරිමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති අතර අනිකුත් සේවිකාවන් නිවෙස් තුලම සව්‍යං නිරෝධායනයට ලක් කර ඇති බවද එතුමා පැවැසිය.

භාරත මෙන්ඩිස්