පී.එච්.අයි.ලා මැතිවරණයට වැඩ
නිරෝධායන පනතේ තමන්ට හිමි බලතල ලබාදෙන ලෙස ඉල්ලා වැඩ වර්ජනයක නිරත වුවද මහ මැතිවරණ දින සහ පශ්චාත් මැතිවරණ කාලසීමාවේ රාජකාරී සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත.
මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවාව අත්‍යාවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය වී ඇත.
මේ පිළිබඳව කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සාකච්ඡා වට දෙකක්ද පවත්වා ඇත.
නිරෝධායන පනතේ බලතල ඉල්ලා ආරම්භ කර ඇති මෙම වැඩ වර්ජනය ලබන සතියේදී තවත් දැඩි කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේය.
උදයජීව ඒකනායක
