පුජිත්ගේ කතාව අහන්න ගිය මෛත්‍රීටත් දවසක් දෙයි
සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඔක්තෝම්බර් මස 05 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දීමක් කර තිබේ.
ඒ අද දින (22) උදෑසන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සාක්ෂි දීමට සවන්දීම සඳහා පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණි අවස්ථාවේ දී යි.
උදෑසන 10 ට පමණ කොමිසමට පැමිණි හිටපු ජනාධිපතිවරයා දහවල් 12 ට පමණ ඉන් පිටව ගොස් ඇත.
එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර අසා සිටියත්, ඔහු නිහඬව කොමිසම පිහිටි භූමියෙන් පිටව ගොස් තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම ඔක්තෝම්බර් 06 වනදා රනිල් වික්‍රමසිංහ මහතාට ද කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස දැනුවත් කිරීමක් කර තිබෙන බව පැවසෙනවා.
