පූජිත අද ජනපති කොමිසම හමුවට
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) දේශපාලන පළිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිසමට පැමිණවීමට නියමිත බව වාර්තා වේ.
එවකට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියුමාල් රංගජීව මහතා ජනාධිපති කොමිසම වෙත කළ පැමිණිල්ලට අනුවයි. පැමිණිල්ලට අදාලව පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබුවේ.
සෙසු වගඋත්තර කරුවන් ලෙස හිටපු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරි චිත්‍රානන්ද වික්‍රමසේකර මහතා ඇතුළු එහි නිලධාරීන් පිරිසක් ද කොමිසම හමුවේ පෙනීසිටීමට නියමිතයි.
