පොම්පියෝ පෙරළා යයි
දෙදින නිල සංචාරයක් සදහා පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ ඔහුගේ ආර්යාව ඇතුළු දූත පිරිස අද පස්වරු 1.06ට පමණ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයට අයත් බෝයිං 757 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් ඒ මහතා මාලදිවයින බලා පිටව ගොස් ඇත.
ඊයේ (27) රාත්‍රී 7.35ට පමණ කටුනායක ගුවන් තොටුපළට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.
ඉන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා මුණ ගැසුනු ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබුණි.
අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පැවැති විණි.
