News

පොලිස් කොස්තාපල්ලා විසිදහසක පුරප්පාඩු

පසුගිය නොවැම්බර් මාසය වන විට පොලිසියේ විසිදෙදහස් හයසිය හතළිහක පුරප්පාඩු ඇති වී තිබූ බව එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි. ඉන් වැඩිම සංඛ්‍යාවක් පොලිස් කොස්තාපල් තනතුර සඳහා වන අතර එම ප්‍රමාණය විසිදහසක් පමණ වේ. ඉන් 16800ක්ම පොලිස් කොස්තාපල් තනතුර සඳහා වන අතර ඉතිරි 3300 කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු සඳහාය.

පොලිස් සැරයන්වරුන් 630ක්ද, උප පොලිස් පරීක්ෂකවරුන් 220ක්ද, පොලිස් පරීක්ෂකවරුන් 680ක්ද, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14ක්ද සහකාර පොලිස් අධිකාරිවරුන් 105ක්ද, පොලිස් අධිකාරිවරුන් 85ක්ද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 38ක්ද, නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනකු ඇතුළු අනෙකුත් තනතුරුවල පුරප්පාඩු සමග 22640ක පුරප්පාඩු පවතියි.

මෙම තත්ත්වය මත වැඩ ආවරණය කිරීම සඳහා පොලිස් අධිකාරිවරුන් 38 දෙනකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් නව දෙනකු නියෝජ්‍ය පොලිස්පති තනතුරුට පත් කර ඇති බවද ඉහත ආරංචි මාර්ග පවසයි.

එහෙත් අනෙකුත් තනතුරු සඳහා වැඩ ආවරණය කිරීමට ඊට පහළ නිලධාරීන් පත්කිරීමට බලයක් නොමැති බවට වාර්තාවේ.

චමින්ද සේනාරත්න