පොලිස් තොරතුරු මාධ්‍යයට දීම අවසර ලත් නිලධාරීන්ට පමණයි
මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවලට තොරතුරු සහ සාකච්ඡා ලබාදීමට අනුමැතිය ලබාදී ඇති නිලධාරීන් හැර වෙනත් කිසිදු තරාතිරමක නිලධාරියකු විසින් මාධ්‍යවලට තොරතුරු ලබාදීම, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම තහනම් බවට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත.
මෙලෙස තොරතුරු ලබාදීම සහ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම නිසා බරපතළ තත්ත්වයක් උද්ගත වන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වැඩ බලන පොලිස්පතිවරයාට දන්වා තිබේ.
මින් ඉදිරියට මාධ්‍යයට තොරතුරු නිකුත් කිරීම පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂවරයා විසින් සිදු කළ යුතු බවද වැඩබලන පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.
ආයතන සංග්‍රහයේ විධිවිධානවලට පටහැනිව විවිධ තරාතිරම්වල නිලධාරීන් විසින් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවලට තොරතුරු ලබාදීම සහ මාධ්‍ය සාකච්ඡා පවත්වන අයුරු නිරීක්ෂණය වී ඇතැයි වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කරන ලද ලිපියේ සඳහන් කර ඇත.
උදයජීව ඒකනායක/ සාලිය කුමාර ගුණසේකර
