News

පොලිස් වැටලීමෙන් 51,182ක් අත්අඩංගුවට

පසුගිය ජුනි මස 16 වැනිදා සිට අද දින දක්වා දිවයින පුරා සිදුකළ වැටලීම් වලදී පුද්ගලයින් 51,182දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවන් 17,913දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

වෙනත් වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 33,269දෙනෙකු අත්ඩංගුවට ගත් බව ද පොලීසිය පැවසීය.

මෙම වැටලීමේදි රිවෝල්වර, රිපීටර් ඇතුළුව ගිනිඅවි 195ක් සහ උණ්ඩ 1749ක් පොලීසිය භාරගෙන තිබේ.