පොලිසියේ 100කට වැඩි පිරිසකට කොවිඩ්
මේ වන විට පොලිස් නිලධාරීන් 105 දෙනෙකු කොවිඩ් අසාදිත බව හඳුනාගෙන ඇත.
අද (01) දිනයේ නිලධාරීන් දස දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.
.
තවද දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ කාන්තා පොලිස් නිලධාරිනියක් ඇතුළු දෙදෙනෙක් කොවිඩ් අසදිතව ඇතයි තහවුරු වී ඇත. එබැවින්
පොලිස් නිලධාරිනිය රැඳී සිටි කොළඹ මලලසේකර මාවතේ කාන්තා භට නිවාසයේ 235 දෙනෙක් ස්වයං නිරෝධායනය යොමුකර ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ථ ආසාදිත පොලිස් නිලධාරීන් 26දෙනෙක් ලෙස වාර්තා වී තිබේ.
මෝදර පොලිස් ස්ථානයෙන් දෙදෙනෙකු, දෙමටගොඩ පොලිස් ස්ථානයෙන් දෙදෙනෙකු, කොළඹ වරාය, මාළිගාවත්ත, මරදාන සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් ස්ථානවලින් එක් අයෙකු බැගින් කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් වශයෙන් හඳුනා ගෙන ඇත.
