පොලීසියට ගල්ගැසූ සැකකරුවන් 14ක් අද අධිකරණයට
අඟුලාන පොලිස් ස්ථානයට ගල්මුල් ප්රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 14දෙනෙකු අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් 9දෙනෙකු ද වන බවයි.
පසුගිය 10 වැනිදා රාත්රීයේදී පොලිස් වෙඩි පහරින් අමිත් කරුණාරත්න නැමත්තා මියයාම සම්බන්ධයෙන් නොසන්සුන් තත්ත්වය හට ගැනිණි.
තත්ත්වය පාලනය කිරීම සදහා පොලීසියට කඳුළු ගෑස් ප්රහාර එල්ල කිරීමට සිදුවූ අතර, පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැදවීමට සිදුවිය.
