News

ප‍්‍රධානතම කුකුළු මස් ෆැක්ටරියක සේවකයින්ට කොවිඩ්

ගම්පොළ ප්‍රදේශයේ පිහිටි මෙරට ප්‍රධාන පෙලේ කුකුළු මස් නිෂ්පාදන ආයතනයක සේවකයින් පිරිසක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් එම කර්මාන්ත ශාලාව දින තුනක කාලයක් වසා දමා කොරෝනා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින අතර ආයතනයේ පාලන අධිකාරිය එම සේවකයන්ට දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් පිටතට පුද්ගලයන්ට නොදන්වන ලෙසයි.

මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන කුකුළු මස් ඇසුරුම් කර අධිශීතකරණ රථ මගින් දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසැල් ඇතුළු වෙළඳසැල් වලට මේ වන විටත් කුකුළු මස් බෙදා හැර ඇති බවද වාර්තාවේ.