ධීවරයන් නිදහස් කර ගැනීමට උපදෙස් – ඇමැති ඩග්ලස් දේවානන්ද
මේ වන විට බංගලාදේශයේ අත්අඩංගුවේ සිටින ධීවරයන් 24 දෙනා නිදහස් කර ගැනීමට සියලු පියවර ගන්නා බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා.
ඒ ඊයේ (07) එම ධීවරයන්ගේ පවුල්වල ඥාතීන්, ඇමැති දේවානන්ද මහතා හමුවූ අවස්ථාවේදී ඒ මහතා මේ ප්‍රතිඥාව ලබා දී ඇත.
අම්බලන්ගොඩ ධීවර වරායෙන් පසුගිය පෙබරවාරි 05 පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රා 04 ක් සහ ධීවරයින් 24ක් දැනට බංගලාදේශ රජයේ අත්අඩංගුවේ සිටිනවා.
එම ධීවරයින් නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස ඇමැතිවරයා ධීවර දෙපාර්තමේන්තුවේ නිළධාරින්ට උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වනවා.
