බංග්ලාදේශයේ දේවස්ථානයක පිපිරීමකින් 12ක් මරුට
බංග්ලාදේශයේ දේවස්ථානයක් අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 12 ක් මියගොස් තිබේ.
මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ දේවස්ථානයේ වායු සමීකරණ යන්ත්‍රයක සිදුවූ පිපිරීමක් මීට හේතු වී ඇති බවයි.
පිපිරීම සිදුවන අවස්ථාවේ එම දේවස්ථානය තුළ බැතිමතුන් විශාල පිරිසක් රැඳී සිට ඇති අතර පිපිරීමෙන් දේව මෙහෙයන් සඳහා පැමිණි පුද්ගලයින් 45 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය පිරිස අතර වයස අවුරුදු 7 ක දරුවෙකු ද සිටී
තුවාලකරුවන් බරපතල තත්ත්වයේ පසුවන බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
