News

බන්ධනාගාරවලට STF ආරක්ෂාව

මෙරට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීම එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය මහතා කළ ඉල්ලීමකට අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන ඇත.

ඊට අදාළ මූලික කටයුතු සිදුවෙමින් පවතින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය මහතා සදහන් කරයි.

පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරින් බන්ධනාගාර පිටත ආරක්ෂාව සඳහා යොදවනු ලබන අතර නිති විරෝධි ක්‍රියා මැඩපැවැත්වීම ඇතුළු බන්ධානාගාරවලට ආරාක්ෂාව සැපයීම මෙහි අරමුණයි.