බන්ධනාගාර කොවිඩ් ආසාදිතයින් ගණන 600 ඉක්මවයි
කුරුවිට බන්ධනාගාරයෙන් ඊයේ(20) දිනයේ නව ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඔවුන්ගෙන් 13 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර දෙදෙනෙකු නිලධාරිනියන් වේ.
ඔවුන් මේ වන විට ප්රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
බන්ධනාගාර ආශ්රිතව මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් 617 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඔවුන්ගෙන් කොවිඩ් ආසාදිතයින්ගෙන් 578 දෙනෙකු රැඳවියන් වන අතර අනෙක් 39 දෙනා නිලධාරීන් වේ.
