News

බන්ධනාගාර කොවිඩ් පොකුර 3579දක්වා ඉහළට

ගතවූ පැය 24 තුළ බන්ධනාගාර ආශ්‍රිතව නව ආසාදිතයින් 141දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3579 දක්වා ඉහළ ගොස් ඇත.

මෙලෙස වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගෙන් වැඩි ප්‍රමාණයක් මැගසින් බන්ධනාගාරයේ රැදවියන් වන අතර, එම සංඛ්‍යාව 822කි.

මීට අමතරව වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයින් 810දෙනෙකු, මහර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 735දෙනෙකු සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 389දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් රැදවියන් 2554දෙනෙකු මේ වන විට සුවය ලබා ඇත.

මේ අතර කොවිඩ් ආසාදනය වූ බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් නිලධාරීන් 90දෙනෙකු සුවය ලබා තිබේ.