News

බන්ධනාගාර නිලධාරියෙකුට කොරෝනා

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජකයෙකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව වාර්තා වේ.

එම ඖෂධ සංයෝජකයා බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ එහි වෛද්‍යවරුන් ඇතුළු 50 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සහ බන්ධනාගාර රැඳවූවන් පිරිසක් අද (4) පෙරවරුවේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා භාජනය කර තිබේ.

එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නිලධාරීන් හා රැඳවූවන් තවදුරටත් එම රෝහල තුළ ම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

මෙම ඖෂධ සංයෝජකයා එම බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත ද ගොස් ඖෂධ ලබා දී තිබීම හේතුවෙන් එහි නිලධාරිනියන් හා රැඳවියන් පරිසක් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කිරීමට සිදුව ඇති බව වාර්තා වී ඇත.