බන්ධනාගාර සුද්ද කරන වැඩේට ලොක්කෙකුගෙන් බාල්දියක්
බන්ධනාගාර තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන බන්ධනාගාරගත පාතාලයන්ට මුදලට උදව් කරන බන්ධනාගාර අධිකාරීවරුන් ඇතුළු දූෂිත නිලධාරීන් වහාම මාරු කරන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය හා බන්ධනාගාර මූලස්ථානය ලිඛිතව දැනුම් දුන්නත් අධිකරණ අමාත්‍යාංශය ඒවා ක්‍රියාත්මක නොකරන බව අනාවරණය වී ඇත.
මීට අමතරව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන්ද ලිඛිතව කිහිප වතාවක්ම මීගමුව හා අනුරාධපුර බන්ධනාගාර තුළ සිදුවන දූෂිත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ අධිකාරීවරුන් මාරු කර යැවීමට ඉල්ලා යවා ඇතත් අධිකරණ අමාත්‍යාංශය ඒ සඳහා පියවර ගෙන නොමැත.
බන්ධනාගාර සහකාර අධිකාරී තනතුරේ සිට ඉහළ සියලු නිලධාරීන් ගැන විනය පරීක්ෂණ හා ස්ථාන මාරුවීම් කිරීමට හැක්කේ අධිකරණ අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශ මත පමණි.
දිගින් දිගටම දූෂිත අධිකාරීවරුන් මාරු කර යැවීමට අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම් ක්‍රියාත්මක නොවී තිබියදී මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුදැනුම මත පාතාල ප්රබලයන්ට සිර මැදිරි තුළ ශීතකරණ ඇතුළු සියලු පහසුකම් ලබාදී තිබියදී අල්ලා ගැනීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සමත් විය. සිරකරුවකුට නිවසට යාමට දීම වෙනුවෙන් ලක්ෂ 36ක් ගිණුමකට දමාගත් අධිකාරිවරයකු ගැනද හෙළි විය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
