News

බස්නාහිර පැය 12 ට 1564 ක් අත්අඩංගුවට

උදෑසන 6 සිට සවස 6 දක්වා බස්නාහිර පළාතේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 1563 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර වරෙන්තුකරුවන් 771 දෙනෙකු හා දූෂණ නඩු සඳහා සැකකරුවන් 792 දෙනෙකු සිටින බව පොලීසිය පවසයි.

මේ අතර බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ නොපැලඳීම හේතුවෙන් පුද්ගලයින් 2093 දෙනෙකුට අවවද කර ඇති අතර දුරස්ථභාවය තබා නොගැනීම හේතුවෙන් පුද්ගලයින් 968 දෙනෙකුට අවවාද කර ඇත.