News

බ්‍රසීලයේ කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 8 ඉක්මවයි

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 7,531,872ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ලොව පුරා වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 421,801ක්.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව සහ වැඩිම මරණ සංඛ්‍යාව තවදුරටත් ඇමෙරිකාවෙන් වාර්තා වේ.

ඇමෙරිකාවෙන් ආසාදිතයින් 2,023,347ක් සහ මරණ 113,820ක් වාර්තා වේ.

ඇමෙරිකාවට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 802,828ක්.

රුසියාවෙන් ආසාදිතයින් 510,761ක්, ඉන්දියාවෙන් ආසාදිතයින් 297,535ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 292,860ක්, ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 242,707ක්, ඉතාලියෙන් ආසාදිතයින් 236,142ක් සහ පේරු රාජ්‍යයෙන් ආසාදිතයින් 214,788ක් වාර්තා වේ.

ඇමෙරිකාවට පසුව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ.

එම සංඛ්‍යාව 41,364ක්.

බ්‍රසීලයෙන් මරණ 40,919ක්, ඉතාලියෙන් මරණ 34,167ක්, ප්‍රංශයෙන් මරණ 29,349ක් සහ ස්පාඤ්ඤයෙන් මරණ 27,136ක් වාර්තා වේ.