බුරවි නිසා උතුරේ පාසල් වැසෙයි December 2, 2020 12:06 pm No Comments උතුරු පළාතේ සියලුම පාසල් හෙට (03) සහ අනිද්දා (04) දක්වා වසා තැබීමට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සදහන් කළේ බුරවි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.