බේරුවල පොලිසියේ OICට කොවිඩ්
බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (28) සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකදී අනාවරණය වූ බව වාර්තා වේ.
බෙන්තර පාලම අසල සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවේදී ඒ බව අනාවරණය වූ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ සිංහබාහු මහතා පවසයි.
මූලික රෝග ලක්ෂණ කිහිපයක් හට ගැනීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා ස්වෙච්ඡාවෙන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව සඳහා ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිත බව මහජන පරීක්ෂකවරයා පවසයි.
