මද්දට හසුව මිය ගිය කළු කොටියා යළි උපදියි
ලක්ෂපාන වාලමලෙයි ප්‍රදේශයේදි මද්දකට හසු වී මිය ගිය දුර්ලභ කළු කොටියාගේ ප්‍රතිනිර්මාණය කළ සැකිල්ල වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක විසින් පසුගියදා නිරීක්ෂණය කරනු ලැබීය.
කළු කොටියාගේ ප්‍රතිනිර්මාණය කළ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.
ලක්ෂපාන වාලමලෙයි එළවළු ගොවිපළක අටවා තිබූ මද්දකට හසුව තුවාල ලබා සිටියදී වනජීවී පශු වෛද්‍යවරුන් විසින් කළු කොටියා වැඩිදුරට ප්‍රතිකාර සඳහා උඩවලව පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් සිටියදී ජීවිතක්ෂයට පත් විය.
මෙම කොටියා මිය යෑම සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත නල්ලතන්නිය වනජීවී කාර්යාලය විසින් කරුණු වාර්තා කර තිබූ අතර, හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ. ට්‍රොස්කි විසින් මිය ගිය කළු කොටියාගේ සිරුර සංරක්ෂණය කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවට නියෝගයක්ද නිකුත් කර තිබිණි.
මීට ප්‍රථම දෙණියාය මවුල්දෙණිය ප්‍රදේශයේ මද්දකට හසු වී මිය ගිය මෙවැනිම දුර්ලභ ගණයේ කළු කොටියෙකුගේ ප්‍රතිනිර්මාණය කරන ලද ජන්ම සැකිල්ලක් ගිරිතලේ ජාතික වනජීවී පුහුණු කෙන්ද්‍රයේ සංරක්ෂණය කර ඇති බව වනජීවී නිලධාරිහු පවසති.
සිතාර ඉරාෂ් – වටවල
