News

මධ්‍යම පළාතේ 566කට කොවිඩ්

මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 566 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ(03) පෙරවරු 6.00 සිට අද (04) පෙරවරු 6.00 දක්වා ගතවූ පැය විසි හතර තුළ මෙම රෝගින් වාර්තා වු බවද සෞඛ්‍ය අංශ පැවැසිය.

මාතලේ දිස්ත්‍රික්කයෙන් මෙම කාලය තුල කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවන අතර නුවරඑළිය දිස්ත්‍රික්කය තුළින් එම කාලය තුළ කොරෝනා 19 වෛරසය ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වි ඇති බවද සෞඛ්‍ය අංශ පැවැසිය.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 351 ක් වන බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 163 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 52 දෙනෙකුද වාර්තා වී ඇති බවද සෞඛ්‍ය අංශ පැවැසිය.

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන අතර එම සංඛ්‍යාව 93 කි.

මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් ආසාදිතයින් 68 ක් ද පාතදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගීන් 27ක් ලෙස ද වාර්තා වී තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ ආසාදිත සංඛ්‍යාව 57 කි.

මස්කෙලිය සෞඛ්‍ය ද්‍යෛ නිලධාරි කොට්ඨාශයෙන් 27 ක් හා බගවන්තලාව සෞඛ්‍ය ද්‍යෛ නිලධාරි කොට්ඨාශයෙන් ආසාදිතයින් 20ක් ද වාර්තා වී තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන අතර එම සංඛ්‍යාව 09කි.ලග්ගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 06ක් හා රත්‍තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 05 ක් ලෙස කොවිඩ් 19 වෙරසය ආසාදිතයින් හමුව තිබේ.

 

භාරත මෙන්ඩිස්